පසුගිය පුවත්

විශ්‍රාම නොයන රැකියාවක් සඳහා විශ්‍රාමික රණවිරුවා බල ගැන්වීම
නීල හරිත ආර්ථිකයක් කරා විශ්‍රාමික රණවිරුවන් යොමු කිරීම තුළින් රණවිරුවා කෘෂි ව්‍යාපාරිකයන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් රණවිරු පවුල් ආරථිකය නංවාලීමත්, විශ්‍රාමික දිවිය නිසි පරිදි කළමණාකරණය කිරීමත් අපේක්ෂිත ඉලක්කය කර ගනිමින් පවත්වන්නට යෙදුණු පුහුණු කඳවුරු සැසියන්හි තවත් අදියරක් ඉතා සාර්ථක අයුරින් පසුගියදා නිම වුණි.
read more
විශ්‍රාමික රණවිරුවන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ නීල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය - අදියර III
හමුදා සේවයෙන් විශ්‍රාමිකව සිටින, නුදුරේදි විශ්‍රාම යාමට නියමිත හා සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් කෘෂි ව්‍යාපාරික ස්වයං රැකියා ලාභීන් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩමුළුවන්හි තෙවන අදියර තෝරාගත් රණවිරුවන් 100 දෙනකු සඳහා 2018 ජූලි මස 09,10 හා 11 තෙදින අඟුණකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුනි.
read more
අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව දිර්ඝ කෙරේ - තනතුරු ඇබෑර්තු ජාතික ශිෂ්‍යභට බලකාය....
ජාතික ශිෂ්‍යභට බලකායේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය යටතේ රියදුරු තනතුර සඳහා බඳවා ගැනීමට සුදුසුකම්ලත් අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබුණි.
read more
සෙන්විරු සියපත ජංගම සේවයේ පළමු පියවර අනුරාධපුරයෙන් තබයි.....
රණවිරු පවුල් වෙත පවතින කාලීන ගැටළු හදුනා ගැනීමත්, ඒවාට ක්ෂණික පිළතුරු ලබා දීමත්, අනාගතයේදී රණවිරුවන් වෙත ඇතිවන ගැටළු අවම කර ගැනීමත් අරමුණු කර ගනිමින්, සෙන්විරු සියපත ජංගම සේවයේ පළමු පියවර අනුරපුරයෙන් තබන්නට රණවිරු සේවා අධිකාරියේ පසුගිය දා කටයුතු කරන ලදී.
read more
හමුදා සේවයෙන් විශ්‍රාම යාමට ආසන්න සෙබලියන් වෙත කෘෂිකර්ම පුහුණුවක්......
ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 5 වන බල ඇණිය හා 3 වන බලඇණිය නියෝජනය කරනු ලබන නිලධාරිනියන් හා සෙබලියන් ද ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා අංශය නියෝජනය කරමින් සෙබලියන් පිරිසක් ද ඇතුළුව 117 දෙනෙක් සඳහා විශ්‍රාමික රණවිරු සුභසාධක අංශයේ කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය මගින් කෘෂි පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
read more
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ කටයුතු වේගවත් කිරීම සඳහා දිස්ත්‍රික්ක නිළධාරීන් දැනුවත් කෙරේ.....
2017 වර්ෂයේ ජූලි 05 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ කටයුතු 2020 වන විට අවසන් කළ යුතුව ඇත.
read more
ආරක්ෂක සේවා පාසැලේ වර්ණ ප්‍රදානය....
2017 වසරේ ආරක්ෂක සේවා පාසැලේ දස්කම් දැක්වූ සිසු සිසුවියන් ඇගයිමේ උත්සවය 2018.06.12 වන දින පාසැල් ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
read more
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලේ.....
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙහෙයවනු ලබන, රණවිරු සේවා අධිකාරිය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධ රැස්වීමක් 2018.06.07 වන දින නිවාස අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.
read more
තනතුරු ඇබෑර්තූ ජාතික ශිෂ්‍යභට බලකාය
ජාතික ශිෂ්‍යභට බලකායේ ප්‍රාථමික ශිල්පීය සේවා ගණය යටතේ රියදුරු තනතුර සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ලත් අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබයි.
read more
“තෙවස් අභිමන්” කෘතිය පිළිගැන්වීම...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු ඇරඹි 2015 වසරේ සිට 2017 වසර දක්වා පැමිණි ගමන් මඟ හා අමාත්‍යාංශය විසින් හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ජාතික ශිෂ්‍යභට බලකාය, ආරක්ෂක සේවා පාසැල් විසින් අත්පත් කර ගත් ප්‍රගතිය විදහා දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ මෙහෙයවීම මත සැකසුණු “තෙවස් අභිමන්“ කෘතිය එලිදැක්වීම 2018.05.22 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි.
read more
ජාතික රණවිරු සැමරුම් දිනය අභිමානවත්ව සැමරේ.....
අපේ කාලයේ විරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය අභියසදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවරත් අභිමානවත්ව ජාතික රණවිරු සැමරුම් දිනය (2018.05.19 වන දින) සමරන්නට යෙදුනි.
read more
“තෙවස් අභිමන්” කෘතිය ජනපතිට පිළිගැන්වේ.......
රටේ භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරලනු පිණිස උපාය මාර්ගික සැළසුම් හා ප්‍රතිපත්ති සකස් කොට නීතිගරුක වෘත්තීමය හමුදාවක් තුළින් ලක් භූමියත්, මුහුදු සහ ගුවන් සීමාවත් සුරක්ෂා කරමින් ලක්මව සුරැකීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමයි.
read more
රණවිරු සැමරුම් මාසය අරඹමින් පළමු රණවිරු කොඩිය ජනපතිට....
දේශයේ ඒකීයභාවය උදෙසා කැපවෙමින් යුධ පෙරමුණේ දස්කම් පෑ අභිත රණවිරුවන් අනුස්මරණය කිරීම සෑම වසරකදීම මැයි මාසයේදී සිදු කරනු ලැබේ.
read more
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිවිල් කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහනේ දෙවන අදියර..
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිවිල් කාර්යමණ්ඩලය හා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන සිවිල් කාර්යමණ්ඩලයේ ආකල්ප සංවර්ධනය සඳහා සංවිධානය කළ වැඩසටහනෙහි දෙවැන්න එම විද්‍යාලයේදී 2018.05.04 වන දින පැවැත්වේ.
read more
ශ්‍රී වෛශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් කඩල දන්සැලක් ...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රථම වරට සංවිධානය කළ කඩල දන්සැල ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී 2018.05.02 දින පවත්වන ලදී.
read more
බෞද්ධාලෝක වෙසක් 2562
2562 වන සම්බුදු තෙමඟුල වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන වෙසක් කළාපය මෙවරත් බොහෝ වෙසක් පහන්කූඩු ඇතුළත්ව බෞද්ධාලෝක මාවතේ දී 17 වන වරටත් සැදැහැවතුන් සඳහා ප්‍රදර්ශණයට ඉදිරිපත් කර තිබුණි.
read more
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිවිල් කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිවිල් කාර්යමණ්ඩලය 100 කට ආසන්න පිරිසක් සේවය කරන අතර එම කාර්ය මණ්ඩලයේ හා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන සිවිල් කාර්යමණ්ඩලයේ 53 දෙනෙක් උදෙසා සංවිධානය කළ ආකල්ප සංවර්ධන වැඩසටහනෙහි පළමු වැඩසටහන 2018.05.01 දින එම විද්‍යාලයේ පොදු පහසුකම් ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.
read more
කළමණාකරණ මණ්ඩල රැස්වීම හා නිරීක්ෂණ චාරිකාව සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය
රණවිරු පවුල් වල සිටින විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැකබලා ගැනීම සඳහා සහයවීමේ ම්‍යධස්ථානයක අවශ්‍යතාවය මත 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවා වනිතා ඒකකය විසින් සෙනෙහස සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය පිහිටුවීමට පියවර ගෙන ඇත.
read more
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් රාජකාරි අරඹයි.
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ අදහසක් අනුව 2018.04.19 වන දින සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.
read more
කුරුණෑගල විරු දරු විදු පියසෙහි ඉදිකිරීම් නිරීක්ෂණය....
කුරුණෑගල විරු දරු විදු පියසෙහි තුන් මහල් පොදු පහසුකම් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අරම්භ කල අතර එහි ඉදිරි කටයුතු පිළීබඳ නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සහභාගි
read more
කොළඹ ආරක්ෂක සේවා විදුහලේ පා ගමන......
කොළඹ ආරක්ෂක සේවා පාසැල මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පාගමන පසුගියදා කොළඹ ආරක්ෂක සේවා පාසල ඉදිරිපිටින් ආරම්භ කර නැවත පාසල වෙත පැමිණිමෙන් අවසන් කරන ලදී.
read more
රණවිරු සිසු දරු දැරියෝ අ.පො.ස. (සා.පෙ) ඉහළින් සමත් වෙති...
කොළඹ ආරක්ෂක සේවා විදූහලේ රණවිරු දූදරුවන් 282 දෙනෙකු 2017 වසරේ පැවති අ.පො.ස (සා.පෙ.) විභාගය සඳහා පෙනී සිටියහ.
read more
කසල කළමණාකරනය තුළින් නීල හරිත ගෙවතු වගාවක්....
සමාජයට, පරිසරයට, හා සෞඛ්‍යට මහා ව්‍යසනයක් ව ඇති කැලි කසල පිළිබඳ මේ දිනවල බහුලව කතාවට ලක්වන මාතෘකාවකි.
read more
විශ්‍රාමික රණවිරුවනට මාතලේදී කෘෂි පුහුණුවක්...
මාතලේ, උකුවෙල, ඇල්වල පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ දී කෘෂි බෝග වගාවෙන් තම විශ්‍රාම දිවිය අර්ථාන්විත කර ගනිමින් කෘෂි ව්‍යවසායක්යින් බවට ද පත් වීමට අවැසි කෘෂි පුහුණුවක් විශ්‍රාමික රණවිරුවන් ඉලක්ක කර ගනිමින් පවත්වන්නට විය.
read more
රණවිරු කාන්තාවන් බලගැන්වීමට නායකත්ව පුහුණුවක්...
තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී මව් බිම උදෙසා දිවි දුන් වීරෝධාර රණවිරුවන්ගේ ආදරණීය භාර්යාවන් වර්තමානයේදීද යුද්ධයේ බිහිසුනු බව අත් විඳින කොටසක් බවට පත්ව ඇත.
read more
විරු දෑතට අත මිට සරු හෙට දවසක්....
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ විශ්‍රාමික රණවිරු සුභ සාධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාමික රණවිරුවා කෘෂි ව්‍යවසායකයින් ලෙස බල ගැන්වීමෙහි ලා අරඹන ලද කෘෂි ව්‍යාපාරික ස්වයං රැකියා ව්‍යාපෘතියේ දෙවැන්න 2018.03.28 සහ 29 දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් ලෙස පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇත.
read more
ආරක්ෂක සේවා විද්‍යාලය හා මහින්ද රාජපක්ෂ විද්‍යාලය මහා ගැටුමට සූදානම්....
ආරක්ෂක සේවා විද්‍යාලය හා මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර 2018.04.04 දින වාර්ෂික ක්‍රිකට් මහා සංග්‍රාමයට සූදානමින් සිටී.
read more
ආරක්ෂක සේවා පාසැලේ ශිෂ්‍ය නායක දිනය....
ආරක්ෂක සේවා පාසැලේ ශිෂ්‍ය නායක දිනය 2018.03.14 දින පාසැල් ශ්‍රවනාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වා ඇත.
read more
ආබාධිත රණවිරු පුහුණු වැඩමුළුවක් රණවිරු සේවා අධිකාරියෙන්...
පැවති යුද්ධයේ කුරිරු බවට ඉන් ශේෂ වූ ජීවමාන සාක්ෂිය වන්නේ ශරීරාංග අහිමිව සිටින්නන්ය.
read more
රණවිරු කාන්තාවන් ජාත්‍යන්තර කාන්තා දින උත්සවය සමරයි.
ජාත්‍යන්තර කාන්තා දිනය තේමා කොට ගනිමින් රණවිරු සේවා අධිකාරියේ සංවිධානයෙන් රණවිරු කාන්තා දින සම්රුම් උත්සවයක් 2018.03.09 වන දින අනුරාධපුර නගර ශාලාවේදී පවත්වන ලදී.
read more
කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලිකා) අනුශූරතාවය කොළඹ ආරක්ෂක සේවා පාසැල දිනා ගනී.
රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කඳවුරේ 2018.02.28 සිට 2018.03.04 දින දක්වා පැවති කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලිකා) පුහුණු කඳවුරේදී හොඳම අණදෙන්නිය ලෙස JC/26/A/180 සේනාරත්න එස්.ඒ.එම්.ඒ.එච්.අයි. සිසුවිය විසින් දිනා ගනිමින් ශිෂ්‍යභට ඛණ්ඩ ඇගයීම් කඳවුරේ සමස්ථ අනුශූරතාවය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය විසින් දිනා ගෙන ඇත.
read more
කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් අයි.ටී. වීරසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා පාසැලේ ප්‍රාථමික අංශයේ ක්‍රීඩා උත්සවය පසුගිය දා පැවැත්විය.
read more
කොළඹ ආරක්ෂක සේවා පාසැලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය.
කොළඹ ආරක්ෂක සේවා පසැලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පසුගියදා මැලේ ක්‍රීඩාංගනයේදී ජයග්‍රාහී අන්දමින් නිමාවිය.
read more
යාකබැද්ද රණවිරු මාපිය සුරැකුම් මධ්‍යස්ථානයේ බුදු මැදුර විවෘත කිරීම
දේශයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් යුද්ධයෙන් මියගිය රණවිරුන් හට කෘතගුණ දැක්වීමක් ලෙස සැදැසමයේ පිහිටක් සරණක් නොමැති රණවිරු දෙමාපියන්ගේ රැකවරණය සහ තම ජිවිතය ඉතා සුවපහසුව ගත කිරීමට
read more
විරුසුමිතුරු ව්‍යාපෘතියට ඩේවිඩ් පීරීස් මෝටර් රථ සමාගමේ මුල්‍ය පරිත්‍යාගයෙන් අභිනව නිවාස දෙකක්..
රටදැය වෙනුවෙන් සේවයේ නියුතුව ශාරීරාංග පුද කළ වීරෝදාර රණවිරුවන්ට නිවාස තනාදීමේ “විරුසුමිතුරු” නිවාස ව්‍යාපෘතියට, ඩේවිඩ් පීරීස් මෝටර් රථ සමාගම විසින් පරිත්‍යාග කරන ලද මූල්‍ය පරිත්‍යාගය
read more
මයිලපිටිය රණවිරු ස්මාරකය ඉදිරිපිට ගොඩනැගීමට යෝජිත සංචාරක මධ්‍යස්ථානය පිළිබද නිරීක්ෂණය
දේශයේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරිම සදහා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මයිලපිටිය රණවිරු ස්මාරකය රණවිරු සේවා අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද්දකි.
read more
විශ්‍රාම නොයන රැකියාවක් සඳහා විශ්‍රාමික රණවිරුවා බල ගැන්වීම.
නීල හරිත ආර්ථිකයක් කරා විශ්‍රාමික රණවිරුවන් යොමු කිරීම තුළින් රණවිරුවා කෘෂි ව්‍යාපාරිකයන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කර ගන්මින් රණවිරු පවුල් ආර්ථිකය නංවාලීමත්, විශ්‍රාමික දිවිය නිසි පරිදි කළමණාකරණය කිරීමත් අපේක්ෂිත ඉලක්කය කර ගනිමින් 2018 පෙබරවාරි මස 21,22 හා 23 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් නිල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ තෙදින පුහුණු කඳවුරු සැසිය පවත්වන්නට යෙදුනි.
read more
නීල හරිත ආර්ථිකයක් කරා විශ්‍රාමික රණවිරුවන් යොමු කිරීම.
විශ්‍රාමික රණවිරුවා කෘෂි ව්‍යවසායකයින් ලෙස බල ගැන්වීමෙහි ලා ඇරඹුමක් වශයෙන් විශ්‍රාමික රණවිරුවන් සඳහා රැකියා ලබා දිමේ වැඩපිළිවෙල යටතේ, නිල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ කෘෂි ව්‍යාපාරික ස්වයං රැකියා ව්‍යාපෘතිය බලගන්වන ලදී.
read more
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂධුරයේ වැඩ භාර ගැනීම.
ශ්‍රී ලංකා යුධ හමුදා රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් එන් ඒ පී සී නාපාගොඩ ආර්ඩබ්පී ආරඑස්පී අයිජී, රණවිරු සේවා අධිකාරියේ අභිනව අධ්‍යක්ෂක ලෙස පසුගිය දා වැඩ භාර ගන්නා ලදී.
read more
ජනාධිපති රන් කුසලාන පැරාලිම්පික් අත්පන්දු ශූරතාවය රණවිරු සේවා අධිකාරි කණ්ඩායමට
ආබාධිත රණවිරුවන් සහභාගි වූ පැරාලිම්පික් අත්පන්දු තරඟාවලිය මෙවර 2018 ජනවාරි 12සහ 13 යන දිනවලදී පොළොන්නරුව මහජන ක්‍රීඩාංගනයේදී පවත්වන්නට යෙදුනි.
read more
ආරක්ෂක අමාත්‍යංශය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය එකාබද්ධව නව වසරේ’රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය
2018 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ආරක්ෂක අමාත්‍යංශය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ඒකබද්ධව ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදි රාජ්‍ය ප්‍රතිඥාව ලබාදෙන ලදී.
read more
2018 නව වසරට ආසිරි පතමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ සිව් වැදෑරුම් ආයතන සමඟ රාජකාරි ආරම්භ කිරීම
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කළ තේපැන් සංග්‍රහය සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක සේවා විද්‍යාලය සහ ජාතික ශිෂ්‍යභට බලකාය යන සිව් ආයතන ප්‍රධානීන් සමඟ එක්ව 2018 වසරේ රාජකාරි ආරම්භ කරන ලදී.
read more
11 වසරක් සපුරන කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය
තිස් වසරක් පුරා පැවති යුද්ධය හමාර කරන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුකතු කළ රණවිරුවන්ගේ උදාර සේවාව අගයනු වස් ඔවුන්ගේ දුවා දරුවන්ට පැහැබර අනාගතයක් උරුම කිරීම උදෙසා සියලු පහසුකම් වලින් පරිපූර්ණ අධ්‍යාපන පරිසරයක් තිළිණ කිරීමත්, වර්තමානයේ පහසුකම් සහිත නගරයේ ප්‍රසිද්ධ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමේ ඇති වන අපහසුතා අවම කර ගැනීමත් අරමුණු කර ගනිමින් ආරක්ෂක සේවා විද්‍යාල පද්ධතිය ආරම්බ කරනු ලැබීය.
read more
ආරක්ෂක සේවා විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝතසවය 2017
කොළඹ මැලේවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයේ රණවිරු සිසු දුවා දරුවන්ගේ හැකියාවන් අගයමින් පැවති ත්‍යාග ප්‍රධානෝතසවයේ ප්‍රධාන ආරධිතයින් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය ආමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබීය.
read more
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මගින් මෙහෙයවනු ලබන 11 වන උපාධි ප්‍රධානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී 2017 දෙසැම්බර් මස 13 වන දින පවත්වන ලදී.
read more
කණිෂ්ඨ ශිෂ්‍යභට අංශය නැවතත්...
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට ඇතුලත් වූ ශිෂ්‍යභට බලකායේ කටයුතු වඩාත් ඵලදායී දැක්මක් සඳහා මෙහෙයවීමට අධ්‍යක්ෂ ලෙස මේජර් ජෙනරල් ඒකේපී වික්‍රමසිංහ යූඑස්පී තුමන්, 2016 වසරේ දී පත්කරන ලද අතර වසර 36ක් පුරා අත්හැර දමා තිබූ කණිෂ්ඨ ශිෂ්‍යභට අංශය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පළමු පියවර ලෙස ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල නියාමක ව්‍යාපෘතියක් ලෙස අරඹන ලදී.
read more
කුරුණෑගල විරු දරු විදුපියසේ තුන් මහල් පොදු පහසුකම් ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීමේ උත්සවය
වයඹ පලාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මැතා සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතින් අනෝමා ෆොන්සේකා මහත්මියගේ සහභාගිත්වයෙන් 2017/12/11 දිනට යෙදුනු සුභ මොහොතින් කුරුණෑගල විරු දරු විදු පියසේ තුන්මහල් පොදු පහසුකම් ගොඩනැගිල්ල සඳහා මුල් ගල් ලබන ලදී
read more
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වැඩ භාර ගැනීම
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ සුනිල් සමරවීර මැතිතුමා වැඩ භාර ගැනීම පසුගිය දා සුභ මොහොතින් සිදුවිය.
read more
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය
වර්තමානය වන විට රටේ සෑම රාජ්‍ය ආයතනයකම පාහේ කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල අධීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුවේ.
read more
ජාතික ශිෂ්‍යභට බලකායේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිලිබද විශේෂ වැඩමුළුව - 2017
ජාතික ශිෂ්‍යභට බලකායේ ඉදිරි සංවර්ධන යෝජනා පිලිබද විශේෂ වැඩමුළුවක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ උපදෙස් සහ මගපෙන්වීම මත පසුගිය ජනවාරි 19 සහ 20 දෙදින තුල රංටැබේ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
read more
විරුසර කාඩ්පත් ප්‍රදාන දෙවන අදියර ගණේමුල්ල කමාණ්ඩෝ මධ්‍යස්ථානයේදී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස්මත රණවිරුසේවා අධිකාරියේ සම්බන්ධීකරණයෙන් රණවිරුවන්ට සහ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත පිදෙන විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානයේ දෙවන අදියර ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 09 වැනි දින ගණේමුල්ල කමාණ්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කෙරේ.
read more
විශ්‍රාමික රණවිරු රැකියා සම්මුඛ පරීක්ෂණය
 

එක් අයදුම් කරුවෙක් ආයතනයකින් හෝ ආයතන කිහිපයකින් තෝරා ගැනීමට හැකියාව ඇත.
read more
විශ්‍රාමික රණවිරුවන් සදහා පලමු අදියරේ පත්වීම් ලිපි ප්‍ර‍දානය ජනපති සුරතින්
 

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන හා විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ඇස්තමේන්තු සැකසීම හා ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිලධාරීන්ගේ සේවය ලබා දීම.
read more
ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික මානව සම්පත ජාතික සංවර්ධනයට යොදාගැනීම පිළිබදව 2016-08-23 වන දින පැවැති සාකච්ඡාව
 

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් හට රටේ ජාතික සංවර්ධනයට යොදාගැනීම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය මගින් රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ සහ ලැබී ඇති රැකියා පුරප්පාඩු ලබාදීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන්ගේ ප්‍රදානත්වයෙන් 2016 අගෝස්තු මස 23 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
read more
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පුද්ගලයන් සදහා රැකියා දීමේ වැඩපිළිවෙලට තෝරා ගනු ලබන ආකාරය පිළිබදව 2016-08-15 වන දින පැවැති සාකච්ඡාව
 

විශ්‍රාමක රණවිරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම්, සේවා කාලය හා නිපුනත්වය පදනම් කොට ගෙන NVQ සහතිකය ලබා දීමට ඇති හැකියාව සොයා බැලීමේ සාකච්ඡාවක් 2016-08-15 දින පවත්වන ලදී.
read more
දෙවන අදියර යටතේ හිගුරක්ගොඩ පැවැති විරුසර කාඩ්පත් ප්‍රදානය පිළිබද ප්‍රගතිය සමාලෝචනය කෙරේ
 

විරුසර දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ ඉදිරි වැඩපිළිවෙල යටතේ 2016 ජුනි 27 වනදින හිගුරක්ගොඩ පැවැති විරුසර කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීම 2016 ජූලි මස 08 වනදින ආරක්ෂක අමාත්‍යංයේදී පැවැති අතර, හිගුරක්ගොඩ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් සියළුම දෙනාට මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙනුවෙන්, ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන් විසින් සිය ස්තුතිය පුද කරන ලදී.
read more
“විරුසර වරප්‍රසාද” කාඩ්පත් බෙදාදීමේ වැඩසටහන තව දුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නව ආයතන 07ක් රණවිරුසේවා අධිකාරිය සමග අත්වැල් බැදගනී.
විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීම 2 වන අදියරේ වැඩසටහන් 07 ක් දිවයිනේ කොළඹ, අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, අ‍ඹේපුස්ස, පනාගොඩ හා හම්බන්තොට යනාදී ප්ර්දේශ ආවරණය වන පරිදි කාඩ්පත් බෙදාදීම සිදුකෙරුණි.
read more
විරුසර වරප්‍රසාද කාඩ්පත් ලාභීන් හට රජයේ රෝහල් වලදි සහ දුම්රිය ගමනා ගමනයේදී විශේෂ පහසුකම්
රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහ වරප්‍රසාද ලබාදෙන විරුසර වරප්‍රසාද කාඩ්පත් ලාභීන් හට මීට ප්‍රථම ලබාදි ඇති වරප්‍රසාද වලට අමතරව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් විශේෂ පහසුකම් පිරිනැමීමට තීරණය කොට ඇත.
read more